Wednesday, June 9, 2021

සිපගනිමි කටුපොකුරු

මා අවසාන ලියමන ලියා බොහෝ කාලයක් ගතව ඇත. ඒ ලියුමෙන් පසු ලියු කිසිවක් නැත. ඉන්පසුව කිසිවෙක් හදවතට එබුනේද නැත. මට හැඟීම් සමඟ ගනුදෙනුවක් තිබුණේ නම් ඒ අම්මා, පොඩ්ඩී, චුට්ටී සමඟ පමණි. රුවින් ගැන මතකය අගුලු දැමු කාමරයක සිරකොට ඇතත් එහි නෂ්වටාශේෂ වරින්වර මතුව මා රිදවයි. එය හුචු හැඟීමකි. එය ආදරණීයය. එහෙත් ඒ අත්හැරීමේ වේදනාව. අහිමිවීමේ වේදනාව. එය විඳින්නට මට නිස්කලංක වටපිටාවක් ජීවිතය ලබාදුන්නේ නැත. රුවින් සමුගත් දිනෙන් පසු මා ඔහු අත්හළ දිනෙන්ද පසු නැවතත් ඔහු පැමිණ ඇත. ඒ වරින්වර අගුල් දමා සිරකළ මතකයන් අතරට නොව සැබෑ ජිවිතයටයි. 



No comments: